Monday, 23 February 2009

සිතක දෑලවර - සොයා මං පෙත

1lo



සොයා මං පෙත - ඇවිද වනපෙත
දකිනු රිසියෙන - මොහොතකට ඔබ
රුදුරු මරු වෙත - වුවද කම් නැත
සොයා එමි නුඹ - සිටින තැනකට.....

ක්ෂීරපථයේ කුඩා තරු යුවලක් දිලෙයි
සඳේ තනියට අහස හැම තැන
ගනින්නට බැරි තරු පිරෙයි....
සැඳෑ අඳුරට සිතිජයේ හිරු ගිනිගනියි
සිතේ තනියට හදේ හැමතැන
දරාගනු බැරි දුක පිරෙයි.....

කුඩා තරු කැට ඔබේ නෙත්යුග සේ පෙනෙයි
නුඹේ තනියට ලඟින් කිසිදා
සිටින්නට බැරි දුක දැනෙයි........
සසරෙ පෙරදා මහා අකුසල් කල බැවින්
මෙදා මෙලෙසා මෙදුක සැමදා
අනේ නෙත් කඳුලින් පිරෙයි.....

1 comment: